Scroll to top
© 2018, #EngageSMinSL, All right reserved.

සමාජ මාධ්‍ය ප්‍රකාශනය එළිදකී

වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතයක් සඳහා වන මඟපෙන්වීම් මාලාවක් හෙවත් සමාජ මාධ්‍ය ප්‍රකාශනයක් ලංකාවේ ප්‍රථමවරට නිකුත් කිරීමට විකල්ප වෙබ් අඩවිය ප්‍රමුඛ මාධ්‍ය හා සිවිල් සමාජ සංවිධාන 19ක් පසුගිය 19 වැනිදා සමත් විය.

සමාජ මාධ්‍ය පරිශිලකයන් හා එහි භාවිතාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතාබහට ලක්වන අතර විශේෂයෙන්ම වෛරී ප්‍රකාශනයන්, වැරදි තොරතුරු සමාජ ගත කිරීම, පෞද්ගලිකත්වයන්ට ගරු නොකිරීම ආදී වූ විවිධ කාරණා මත පදනම්ව සමාජ මාධ්‍ය ආයථා භාවිතය පාලනය කිරීමට ආණ්ඩුද සමාජ මාධ්‍ය සමාගම් ඇතුළු වෙනත් අධිකාරීන්ද දැඩි උත්සාහයක නිරත වෙති. මෙහි භයානකකම පවතිනුයේ පාලනාධිකාරීන් විසින් විරුද්ධ දේශපාලන මත නිහඬ කිරීම වෙනුවෙන් මෙවැනි කාරණා ප්‍රයෝජනයට ගනිමින් සමාජ මාධ්‍ය නියාමනයට කටයුතු කිරීමට උත්සාහ දැරීමයි.

එවන් වතාවරණයක් යටතේ වගකීම් සහගත සමාජ මාධ්‍ය භාවිතාවක් සඳහා සියලු දෙනාට ඩිජිටල් සාක්ෂරතාවය සමඟ තොරතුරු සමාජයකට ප්‍රවේශ වීමේ අවකාශය තහවුරු කරමින් සමාජ සාධාරණත්වය සහ මානව ගරුත්වය ඇතුලු මානව හිමිකම් පදනම මත පදනම් ව සමාජ මාධ්‍ය ප්‍රජාව දිරි ගැන්වීමේ අරමුණ පෙරදැරිව මෙම සමාජ මාධ්‍ය ප්‍රකාශනය නිකුත් කරනු ලැබූ අතර එය මෙවන් ඩිජිටල් යුගයක දැඩි අවශ්‍යතාවයක් ආමන්ත්‍රණය කිරීමකි. මෙම ප්‍රකාශනය සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කිරීමේ නිදහසෙහි ඇති වැදගත්කමත් ආචාර ධාර්මීය, ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් මත පදනම් වූ සමාජ වගකීමක් සහිත සමාජ මාධ්‍යකට දිරිගන්වන්නේය. ඒ සඳහා සමාජ මාධ්‍ය වේදිකාවන් සතු වගකීම්, ආණ්ඩුව මෙන්ම මාධ්‍ය සංවිධාන හා සිවිල් සමාජය සතු වගකීම්ද මෙහි මැනවින් පෙන්වා දී තිබේ.

සම්පුර්ණ ලිපිය : https://www.samabima.com/?p=19467

Related posts

Post a Comment

Your email address will not be published. Required fields are marked *